Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th July 2024 19:24:55 Hours

11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ‘Little Sisters of the Poor’ වැඩිහිටි නිවාසය පිරිසිදු කරයි

243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.සී.එස්. කුමාරසිංහ ගේ මඟපෙන්වීම සහ 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩී.එම්.එන්. පත්මසිරි ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ජුලි මස 01 සහ 02 දෙදින තුළ මඩකලපුව ප්‍රදේශයේ ස්ථාපිත ‘Little Sisters of the Poor’ වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.