Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2024 18:05:43 Hours

11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් කිරිගවයින් බෙදාදීමේ වැඩසටහනක්

11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොක්කඩිචෝයි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල ජීවනෝපාය නඟාසිටුවීම සඳහා තෝරාගත් ගොවිමහතුන් වෙනුවෙන් කිරිගවයින් ලබාදීමේ වැඩසටහනක් එම ඒකක පරිශ්‍රයේදී පසුගිය ඉරිදා (පෙබරවාරි මස 11) දින පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.සී.එස් කුමාරසිංහ සහභාගි විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ සම්බන්ධීකරණය සහ කොළඹ - 07 ‘ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ’ විදුර රණසිංහ මහතාගේ සහයෝගය මත තෝරාගත් ගොවි මහතුන් හය දෙනෙකු වෙත මෙහිදී කිරි ගවයින් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.