Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th April 2023 17:41:10 Hours

11 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ 29 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පරිත්‍යාග වැඩසටහනක් දියත් කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 සේනාංකයට අයත් 663 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ 29 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම ඒකකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (අප්‍රේල් මස 21) දින කිලිනොච්චිය දොන් බොස්කෝ පෙරපාසල් පරිශ්‍රයේදී එහි සිසු සිසුවියන් වෙත කෙටි ආහාර පිරිනැමීමූහ. එමෙන්ම, කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව ජල පිරිපහදු ඒකකය ද මීට සමගාමීව විවෘත කරනු ලැබීය.

66 සේනාංකයේ සේනාංකාධිපති සහ 663 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 11 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.පී.ටී පෙරේරා විසින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.

අප්‍රේල් මස 21 දිනට යෙදුනු සංවත්සර දිනය නිමිත්තෙන් හමුදා සම්ප්‍රදායානුකූලව පැවති කෙටි උත්සවයකදී හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව ජල පිරිපහදු යන්ත්‍රය 11 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ සුරතින් විවෘත කළේය.