Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th February 2024 12:45:31 Hours

11 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් පෙරපාසල් දරු දැරියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, උපදෙස් මත 11 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 16 දින නාවට්කුලි, ‘ලක්දරු’ පෙරපාසලේ දරු දැරියන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.

11 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.ජී.සී.කේ. කුඩාගමගේ ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනේදී ලබාදුන් දිවා භෝජන සංග්‍රහය වෙනුවෙන් ‘ලක්දරු’ පෙරපාසලේ ගුරු භවතුන් සහ දෙමාපියන්, යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සිය කෘතඥතාවය පළ කළේය.