Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2023 22:21:57 Hours

11 විජය බාහු පාබල රෙජිමේන්තු භටපිරිස්,වෙල්වැටිතුරේ ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කරයි

යාපනය අර්ධද්වීපයේ සේවයේ නියතු ආරක්‍ෂක හමුදා සාමාජිකයින් සහ සිවිල් ජනතාව අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ පිහිටි 51 පාබල සේනාංකයේ 521 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 11 විජය බාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් වෙල්වැටිතුරේ ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 04) දින පැවැත්වූහ.

වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා එම යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ දායකත්වය රෝහලේ බලධාරීන්ගේ ඇගයීමටද ලක් වූහ.