Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2024 14:54:32 Hours

11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ‘American Mission’ පිරිමි විද්‍යාලයේ සිසුන් සඳහා සරඹ පුහුණු වැඩසටහනක්

11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් උඩුප්පිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි ‘American Mission’ පිරිමි විද්‍යාලයේ සිසුන්ගේ සරඹ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් සරඹ පුහුණු වැඩසටහනක් පෙබරවාරි මස 21 සහ 22 දෙදින තුළ ක්‍රියාත්මක කරන ලදී. මෙම පාසලේ පැවැත්වීමට නියමිත පාසල් ක්‍රීඩා උළෙල සඳහා සිසුන් සූදානම් කිරීමද මෙමගින් සිදුකරනු ලබයි.

52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 521 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් හා 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඊ.ජී.ජේ.පී එදිරිසිංහ ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම සරඹ පුහුණුවීම් සිදුකරන ලදී.