Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
26th February 2016 20:43:33 Hours
11 වන (සෙව්) ගජබා රෙජිමේන්තුව, ලකී ස්ටාර් ක්‍රීඩා සමාජය සහ මුලන්කාවිල් මහා විද්‍යාලය මුලන්කාවිල් වොලිබෝල් තරඟාවලියේ ශූරතා දිනා ගනිති
පසුගිය පෙබරවාරි 20 - 22 දක්වා තුනුක්කායි ප්‍රදේශයේ දී 65 සේනාංකය හමුදා, සිවිල් සහ පාසල් වශයෙන් වර්ග කිරීම් 3 ක් යටතේ පැවැත් වූ වොලිබෝල් තරඟාවලියේ දී 11 වන (සෙව්) ගජබා රෙජිමේන්තුව, ලකී ස්ටාර් ක්‍රීඩා සමාජය සහ මුලන්කාවිල් මහා විද්‍යාලය අදාල ශූරතා දිනා ගනු ලැබීය. මෙම තරඟාවලිය පැවැත්වීමේ අරමුණ වුයේ ප්‍රදේශයේ වෙසෙන ක්‍රීඩකයින්ගේ හැකියාවන්, ක්‍රඩා කෞෂල්‍යය, සුහදත්වය සහ අනෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමයි. 65 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් සරත් වීරවර්ධනගේ අධීක්ෂණය යටතේ පැවැත් වූ මෙම තරඟාවලියට යුද හමුදා කණ්ඩායම් 12 ක්, සිවිල් ක්‍රීඩා සමාජ 03 ක් සහ පාසල් කණ්ඩායම් 03 ක් සහභාගි වූහ. හමුදා අංශයේ පැවති අවසන් තරඟය සඳහා 11 වන (සෙව්) ගජබා රෙජිමේන්තු කණ්ඩායම සහ 20 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම තරඟ වැදුනු අතර, ඉන් 11 වන (සෙව්) ගජබා රෙජිමේන්තු කණ්ඩායම ජයග්‍රහණය ලැබීය. එමෙන්ම සිවිල් අංශයේ අවසන් තරඟයෙන් මල්ලාවිහි ලකී ස්ටාර් ක්‍රීඩා සමාජය සහ අක්කරායන්කුලම් ක්‍රීඩා සමාජය අතර පැවති තරඟය ජය ගැනීමට ලකී ස්ටාර් ක්‍රීඩා සමාජය සමත් විය. හමුදා අංශයෙන් තරඟ වැදුනු 11 වන (සෙව්) ගජබා රෙජිමේන්තු කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ලාන්ස් කෝප්රල් ජයසිංහ සහ සාමාන්‍ය සෙබල නිලංක දක්ෂතම ප්‍රහාරකයා සහ දක්ෂතම පිරිනමන්නා ලෙස කුසලාන දිනා ගනු ලැබීය. ලකී ස්ටාර් ක්‍රීඩා සමාජයේ කනේෂ් ලිංගම් විනුජන් සහ කන්දසාමි ධර්මේන්ද්රම් දක්ෂතම ප්‍රහාරකයා සහ දක්ෂතම පිරිනමන්නා ලෙස කුසලාන හිමි කර ගත්හ. මෙම තරඟාවලියේ පාසල් අංශයේ පැවති තරඟවලින් මුලන්කාවිල් මහා විද්‍යාලීය කණ්ඩායම ශූරතාව දිනා ගත්හ. අක්කරායන්කුලම් මහා විද්‍යාලයේ බාලසුබ්‍රනියම් සනුසන් දක්ෂතම ප්‍රහාරකයා ලෙසත් මුලන්කාවිල් මහා විද්‍යාලයේ විජයරාසා ධනුජන් දක්ෂතම පිරිනමන්නා ලෙසත් පාසල් අංශයට හිමි ශූරතා දිනා ගත්තෝය. මෙම තරඟාවලියේ කුසලාන ප්රදානය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් සරත් වීරවර්ධන සහභාගි වී කුසලාන සහ සහතිකපත් ප්‍රදානයට එක් වූවේය. ඊට මෙම සේනාංකයට අයත් බල සේනාධිපතිවරු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සෙසු නිලයින් සහ සිවිල් ජනතාව ද විශාල පිරිසක් එක්ව සිටියහ.
Adidas shoes
|
ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!