11th December 2024 08:14:14 Hours
නිලධාරින් 07 දෙනෙක් සහ සෙසුනිලයන් 295 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 11 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ බලඇණි පුහුණු පාඨමාලාව 2024 ඔක්තෝබර් මස 14 සිට දෙසැම්බර් මස 02 දින දක්වා මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්විණි.
පාඨමාලාවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී විසින් සමාප්ති දේශනය පවත්වමින් පාඨමාලාව සඳහා සහභාගී වූවන්ගේ කැපවීම ඇගයීමට ලක්කළේය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.