07th May 2024 18:52:56 Hours
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයන්ගේ ජාතික සම්මේලනයේ ලේකම් ජනක දේශප්‍රිය මහතාගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පිඑස්සීගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් මැයි 04 වන දින මහනුවර සහ මහියංගනය වෙත විශේෂ චාරිකාවක් සඳහා සහභාගී වූ දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලදී.
11 පාබල සේනාංකයේ භටපිරිස් විසින් එහිදී දෘෂ්‍යාබාධිත පුද්ගලයින් 70 දෙනෙකු සඳහා ආහාර පිළියෙළ කර දුන් අතර, එදින ඔවුන් හට නවාතැන් පහසුකම් ලබාදී පසුදින උදෑසන වන තෙක් ඔවුන්ට රැකවරනය සලසන ලදී. 11 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි විසින් මෙම කාර්යය සම්බන්ධීකරණය කරන ලදී.