Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th June 2023 19:19:49 Hours

11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් හඟුරන්කෙත, දිඹුල්කුඹුර විද්‍යාලයට දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක්

හඟුරන්කෙත දිඹුල්කුඹුර විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 11 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 17 ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රාහකත්වය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී සරණංකර විමලදම්මාභිධාන ස්වාමීන් වහන්සේ විසින් ලබාදෙන ලදී.

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි උත්සවයකදී අභිනවයෙන් ඉදිකරනු ලැබූ මෙම ගොඩනැගිල්ල ජුනි මස 04 දින විවෘත කර පාසල් සිසුන් වෙත පවරාදෙන ලදී.

මෙම සමාරම්භක උත්සවයට සමගාමීව ශ්‍රී සරණංකර විමලදම්මාභිධාන ස්වාමීන් වහන්සේගේ අනුග්‍රාහකත්වය මත එම පාසලේ සිසුන් 157 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලී ස්වාමීන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, පාසල් ගුරු භවතුන් සහ දෙමවුපියන් ද සහභාගී වූහ.