Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th December 2023 19:22:50 Hours

11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් කොස්ලන්ද, අවතැන්වු සිවිල් වැසියන් සඳහා සහනසේවා කටයුතු අඛණ්ඩව

පැවති අධික වර්ෂාව හේතුවෙන් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින කොස්ලන්ද, කලීපානවෙල ගම්මානයේ නායයාමේ තත්වයෙන් අවතැන්වු එම ගම්මානයේ පවුල් 31 කට අයත් පුද්ගලයින් 141 දෙනෙකු ඉවත් කිරීමට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත 11 පාබල සේනාංකයේ භටපිරිස් කටයුතු කරන ලදී.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අක්කර 200 ක පමණ කඳුකර ප්‍රදේශයක ජීවත් වන ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට 11 පාබල සේනාංකයේ භටපිරිස් කටයුතු කර ඇත. එම ප්‍රදේශයේ මීට පෙර ද නාය යෑම් හේතුවෙන් නිවාස කිහිපයකට පූර්ණ හානි සිදු වී ඇත.

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟින් එම ස්ථානයට ගොස් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන සහන සේවා කටයුතු පිළිබඳව නිරීක්‍ෂණ කටයුතු සිදුකරනු ලැබූහ.