29th December 2024 16:52:04 Hours
කුළුගම්මන ප්‍රේමරත්න මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ඉල්ලීම පරිදි, 2024 දෙසැම්බර් මස 26 දින 11 පාබල සේනාංක මූලස්ථානයේදී එම පාසලේ පෙරදිග සංගීත කණ්ඩායමට සංගීත භාණ්ඩ බෙදා දෙන ලදී. මෙම වැඩසටහන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජීගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී.
මෙම පරිත්‍යාග වැඩසටහන මගින් සිසුන්ගේ සංගීත වැඩ කටයුතුවලට සහයෝගයක් ලබාදීම අරමුණු කරගනිමින් භාවිතයට නුසුදුසු සංගීත භාණ්ඩ වෙනුවට නව සංගීත භාණ්ඩ ලබාදීම සිදුකරන ලදී. මෙම අවස්ථාවට විදුහල්පතිතුමන්, ගුරුවරුන් සහ සිසුන් පිරිසක් සහභාගී වූහ.