19th April 2024 20:08:17 Hours
11 පාබල සේනාංකයේ භට පිරිස් විසින් වැලිමඩ ගල්දණ්ඩ ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙක් වන ජෙනරල් දේශමාන්‍ය ජේ.ඊ. ඩෙනිස් පෙරේරා වීඑස්වී එන්ඩීසී පීඑස්සී ගේ පව්ලේ සාමාජිකයන්ගේ අනුග්‍රාහය ඇතිව 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සම්බන්ධීකරණයෙන් ඉදිකරන ලද නව නිවස 2024 අප්‍රේල් 15 දින ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.
11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මුලිකත්වයෙන් 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ තාක්ෂණික සහය ඇතිව 8 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සහ 2 ශ්‍රී ලංකා රයිෆල් බළකායේ භට පිරිස් විසින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සුරතින් නව නිවසේ යතුරු ප්‍රතිලාභියා වෙත ප්රදානය කරන ලදී.