03rd December 2023 21:32:51 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංයේ භටපිරිස් විසින් ‘මා සොයන මම’ තේමාව ඔස්සේ මනෝවිද්‍යාත්මක වැඩමුළුවක් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින 11 පාබල සේනාංක පරිශ්‍රයේදී සංවිධානය කරන ලද අතර, එම වැඩමුළුව මඟින් භටපිරිස් වෙත මනෝවිද්‍යාත්මකව, මම - මමත්වය පිළිබඳව අවධාරනය කරමින් භටපිරිස් දැනුවත් කරනු ලැබිණි.
11 පාබල සේනාංයේ භටපිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් වෙනුවෙන් මෙම වැඩමළුව පවත්වනු ලැබීය.
මහනුවර මනෝවිද්‍යා උපදේශන සංගමයේ නිලධාරීන් විසින් පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා 11 පාබල සේනාංකය හා ඒ යටතේ ස්ථාපිත පාබල බලසේනා සහ ඒකක නියෝජනය කරමින් නිලධාරීන් 05 දෙනෙක් සහ සෙසුනිලයන් 65 දෙනෙකු සහභාගී වූහ.