15th March 2024 09:14:08 Hours
නාවට්කුලි පිහිටි 11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.ජී.සී.කේ. කුඩාගමගේ ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භට පිරිස් ලක්දරු පෙරපාසලේ ඉගෙනුම ලබන ළමුන් සඳහා 2024 මාර්තු මස 12 දින දිවා ආහාර වේලක් පිරිනමනු ලැබීය.
මෙම වැඩසටහනේ දී පෙරපාසල් ළමුන් 15 දෙනෙකුට දිවා ආහාරය පිරිනැමූ අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, ගුරුවරුභවතුන් සහ දෙමාපියන් පිරිසක්ද සහභාගී වූහ.