Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th July 2019 17:21:45 Hours

11වන සේනාංකයේ සේනාංකාධිපති සිය ධූරයෙන් නික්මයයි

කුණ්ඩසාලේ පිහිටි 11 වන සේනාංකායේ සේනාංකාධිපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් තිස්ස නානාක්කාර සිය ධූරයෙන් නික්ම යෑම වෙනුවෙයන් සිකුරාදා (5) දින එම සේනාංක මූලස්ථානයේදී එතුමන් වෙත කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීය.

එතුමන්ගේ නික්ම යෑමෙන් අනතුරුව 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් වසන්ත බණ්ඩාර එම ධූරයේ රාජකාරී භාරගැනීමට නියමිතය.

2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිසගේ ගෞරවාචාරයෙන් පසුව සේනාංක මූලස්ථානයේ භටපිරිස් අමතමින් තම රාජකාරී කාළය එතුමන් වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන් ඔවුන් වෙත සිය ස්තුතිය පුදකිරිමෙන් අනතුරුව පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයෙන් පසුව දවසේ වැඩසටහන අවසන් විය.

නික්මයන සේනාංකාධිපතිතුමන් ජූලී මස 1 දින සිට 3 වන දින දක්වා කාලය තුළ 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව සහ 111 වන බලසේනාව යන ස්ථානයන්හී සංචාරය කර සිය සමුගැනීම සිදු කරන ලදී. best Running shoes brand | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov