Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd July 2024 16:51:40 Hours

102 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ජය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිමිකර ගනී

102 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය 2024 ජුනි මස 27 වන දින නිමාවට පත් වූ අතර, එහි සමස්ථ ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වූහ. 2024 ජූනි මස 25 දින සිට 27 දින දක්වා පැවති මෙම මලල ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.

මෙම ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද අතර, එහිදී යුද්ධ හමුදාව විසින් ලබාගත් ජයග්‍රහණ පහත පරිදි වේ:

හෙල්ල විසිකිරීම - ප්‍රථම ස්ථානය (පිරිමි) - කෝප්‍රල් ආර්.එම්. රණසිංහ - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

උස පැනීම - පළමු ස්ථානය - ලාන්ස් බොම්බොඩියර් එස්.ඒ.ටී. දසුන් - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

තුන් පිම්ම - පළමු ස්ථානය - ආධුනික සෙබල කේ.එම්. යසිරු - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

මීටර් 400 (පිරිමි) – පළමු ස්ථානය - මාණ්ඩලික සැරයන් එස්.ඒ.දර්ශන - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

වෛද්‍ය එන් එදිරිවීරසිංහම් අභියෝගතා කුසලානය - උස පැනීම - පළමු ස්ථානය - ලාන්ස් බොම්බොඩියර් එස්.ඒ.ටී. දසුන් - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

මීටර් 400 (කාන්තා) - පළමු ස්ථානය - මාණ්ඩලික සැරයන් ආර් නදීෂා - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

මීටර් 1000 (කාන්තා) – පළමු ස්ථානය - කාන්තා සෙබල ඩබ්ලිව්.ඒ.එම්.ආර්. විජේසූරිය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

මීටර් 100 – කඩුළු මතින් දිවීම (කාන්තා)- පළමු ස්ථානය - සැරයන් ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

හෙල්ල විසි කිරීම - පළමු ස්ථානය (කාන්තා) - මාණ්ඩලික සැරයන් එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

මීටර් 800 (පිරිමි) -පළමු ස්ථානය - සාමාන්‍ය සෙබල කරුණාරත්න – ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා - මාණ්ඩලික සැරයන් එස්.ඒ.දර්ශන - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව