Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th November 2024 09:30:20 Hours

10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව Senth Pills Meris පෙරපාසල් ළමුන් සඳහා දිවා ආහාරය සපයයි

10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් චම්පියන්පත්තුව, Senth Pills Meris පෙරපාසලේ ළමුන් සඳහා 2024 නොවැම්බර් මස 18 දින පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබා දෙන ලදී.

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ මඟපෙන්වීම යටතේ 10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ගුරුවරුන් සහ දරුදැරියන්ගේ දෙමාපියන් ද සහභාගී විය.