Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th November 2024 17:34:23 Hours

10 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 34 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

10 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අභිමානවත් 34 වන සංවත්සර දිනය වෙනුවෙන් එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් එස්.බී.ජේ.සී. සේමසිංහ ගේ මඟපෙන්වීම මත 2024 නොවැම්බර් මස 02 දින එම මූලස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.

සංවත්සර දිනයේදී, ඒකක පරිශ්‍රය වෙත සපැමිණි අණදෙන නිලධාරිතුමන් වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ. ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ අණදෙන නිලධාරිතුමන් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සුහඳ තේ පැන් සංග්‍රහයකට සහ දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.

සංවත්සර දිනයට ප්‍රථම මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමේ සහ එම ඒකකයේ සියලු සාමාජිකයන් වෙත ආශිර්වාද එක්කිරීමේ බෝධි පූජාමය වැඩසටහනක් පවත්වන ලදී. මෙම අවස්ථාවට එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.