Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th July 2023 22:16:48 Hours

1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කුරුණෑගල ශීක්‍ෂණ රෝහලේ නේවාසික රෝගීන් වෙත තැඹිලි බෙදාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ පිළිකා වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් ඇතුළු තවත් රෝගීන් පිරිසක් වෙත තැඹිලි බෙදාදෙන ලදී.

භටපිරිස් විසින් රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව ඖෂදීය පානයක් වන තැඹිලි ගෙඩි 400 ක ප්‍රමාණයක් රෝගීන් අතර බෙදාදුන්හ. මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.