Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st January 2023 23:53:54 Hours

1 වන බලකා සාමාජිකයින් සඳහා ‘රූල්ස් ඔෆ් එන්ගේජ්මන්ට්’ (Rules of Engagement) මැයෙන් වැඩමුළුවක්

1 වන බළකායේ නීති නිලධාරී කපිතාන් එස්.ඒ.ටී.එච් ඩයස් විසින් මෙහෙයවන ලද ‘රූල්ස් ඔෆ් එන්ගේජ්මන්ට්’ (Rules of Engagement) යන මාතෘකාව යටතේ දින 2ක වැඩමුළුවක් පවත්වනු ලැබු අතර, එය ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ 1 වන බළකා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම වැඩමුළුව 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ මගපෙන්වීම යටතේ එම බලකාය විසින් සංවිධානය කරන ලදි.

මෙම වැඩසටහනේදී, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය, අධිකරණ ක්‍රියාපටිපාටි, නීති වර්ගීකරණය, අධිකරණ ධුරාවලිය, පවතින නීති රාමුව යටතේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අතර සම්බන්ධීකරණය, මහජන ආරක්‍ෂක ආඥාපනත, හදිසි නීතිය සහ හදිසි නීති රෙගුලාසි, ජාත්‍යන්තර මානුෂීය නීතිය, මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් සහ අභ්‍යන්තර ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධ නීතිරීති පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී.

මෙම වැඩමුළුව සඳහා, 1 වන බළකාය සහ ඒ යටතේ ස්ථාපිත කඳවුරුවල සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් මාර්ගගත තාක්‍ෂණය (zoom) ඔස්සේ සම්බන්ධ වූහ. ඒ අනුව, 1 වන බළකායේ නිලධාරීන් 98 දෙනෙකු සහ සෙසු නිලයින් 2212 දෙනෙකු වැඩමුළුව සඳහා සහභාගී වූහ.