07th August 2023 20:40:06 Hours
1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අයියකච්චි රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේ යටිතල පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් පසුගිය සිකුරාදා (අගෝස්තු මස 04) දින එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.
පාසල් පරිශ්‍රය පිරිසිදු කර අධ්‍යාපනයට සුදුසු සෞඛ්‍යාරක්‍ෂිත පරිසරයක් බිහිකිරීමේ අරමුණින් මෙම ශ්‍රමදාන වැඩසටහන සංවිධානය කර තිබිණි. මෙම වැඩසටහන සඳහා පාසල් කාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන්ගේ සහයෝගය ද හිමිවිය.
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.