09th May 2023 21:30:09 Hours
කිලිනොච්චියේ ස්ථාපිත 1 බලකාය විසින් වෙසක් පොහොය නිමිත්තෙන් (මැයි 5) දින ‘බත්’ දන්සලක් සංවිධානය කරනු ලැබු අතර, ඒ සඳහා ඉරණමඩු සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල සිවිල් වැසියන් 6000 කට අධික පිරිසක් සහභාගී වූහ.
1 බලකායේ භටපිරිස් විසින් පවත්වනු ලැබු ‘බත්’ දන්සල 1 බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි විසින් විවෘත කරන ලදී. කෙන්ගල්ල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පිඹුරේ ධර්මදේව හිමියන්ගේ අනුශාසනාවකින් අනතුරුව වැඩසටහන ආරම්භ කරන ලදී.
1 බලකාය විසින් සංවිධානය කරන ලද වෙසක් පහන් කූඩු තරඟයේ ජයග්‍රාහකයින් සඳහා වැඩසටහන අවසානයේදී එදින වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 1 වන බලකායේ බලකාධිපතිගේ සුරතින් ත්‍යාග ප්‍රධානය කළේය.
1 වන බලකායේ බලකාධිපතිතුමන් එම අවස්ථාවට සහභාගී වූ සිවිල් වැසියන් සමඟින් ද සුහදව අදහස් හුවමාරු කර ගත්තේය.