Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd February 2024 15:19:27 Hours

1 බලකාය වෙතින් පැවැත්වූ ප්‍රථම අංගම්පොර පාඨමාලාව සාර්ථකව අවසන්

1 බලකාය සහ යුද්ධ හමුදා අංගම්පොර කමිටුව ඒකාබද්ධව පැවැත්වූ ප්‍රථම අංගම්පොර පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවය 2024 පෙබරවාරි මස 16 දින පැවැත්විණි.

1 බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා අංගම්පොර කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ පැවති මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදා භටපිරිස් 50 දෙනෙකු සහභාගී වූහ. සාම්ප්‍රදායික ආත්මාරක්‍ෂක ශිල්පීය ක්‍රමවලින් භටපිරිස් සන්නද්ධ කිරීම, ශාරීරික යෝග්‍යතාවය, ධෛර්යය හා දරාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව පැවැත්විණි.

සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා අංගම්පොර කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.