Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th February 2024 17:28:03 Hours

1 බලකාය විසින් ‘කාලීන සිදුවීම්’ පිළිබද පුහුණු සැසියක් පවත්වයි

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ උපදෙස් මත එම බලකාය යටතේ ස්ථාපිත ඒකකයන්හි හා ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ‘කාලීන සිදුවීම්’ යන මැයෙන් පුහුණු සැසියක් පසුගිය බදාද (ජනවාරි මස 31 ) දින 1 බලකා මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා රූපවාහිනී සේවයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ සහ ‘සිව්දෙස’ වැඩසටහන ඉදිරිපත් කරනු ලබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විජය දිසානායක මහතා විසින් මෙහිදී ‘Concept of the New World Order and its implications’ යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වන ලදී.

පුහුණු සැසිය අවසානයේදී 1 බලකායේ බලකාධිපතිතුමන් විසින් ආරාධිත දේශකතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදී.