02nd May 2025 15:26:43 Hours
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමඟාමීව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබා දී ඇති උපදෙස් ප්‍රකාරව සිවිල් වැසියන්ගේ යහපැවැත්ම නංවාලීමේ අරමුණින් 1 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ඉංගිරිය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී. 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි RWP USP විසින් 2025 අප්‍රේල් මස 02 දින එම නිවස ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී.
මෙම ව්‍යාපෘතිය සඳහා ඉංගිරිය නම්බපන සමාධි ධර්ම නිකේතනාරාමයේ පූජ්‍ය මනනේ සිරිනන්ද හිමිපාණන් වහන්සේ මූල්‍ය අනුග්‍රාහක දායකත්වය දැක්වූ අතර, 1 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒ.එස් රාජරත්න RWP RSP USP Lsc ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්හි තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවස ඉදිකරනු ලැබීය.