Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2023 20:56:10 Hours

1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සම්බන්ධීකරණය මත පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස 2023 අප්‍රේල් මස 04 දින වාරියපොල, තඹරාව ප්‍රාථමික විද්‍යාලයේ ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් අතර රුපියල් 80,000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ඉල්ලීමකට අනුව සණස සංවර්ධන බැංකු ශාඛා කිහිපයක් වෙතින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා අවශ්‍ය සියලු සංවිධාන කටයුතු සහ ප්‍රතිලාභීන් සම්බන්ධීකරණය කරනු ලැබීය. 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ මඟපෙන්වීම මත 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන දියත් කෙරිණි.

1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් හා සෙසුනිලයන් සහ පාසල් කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.