26th April 2023 17:59:02 Hours
1 වන බලකා මූලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු සියලුම නිලධාරින් සහ සෙසුනිලයන්ගේ මානසික සෞඛ්‍යය සහ ආයතනික වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 වන බලකා මූලස්ථානය වෙතින් පසුගිය සඳුදා (අප්‍රේල් මස 24) දින කිලිනොච්චිය ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී ධර්ම දේශනාවක් පැවැත්වීය.
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මානසික යහපැවැත්ම, සාමය සහ සහජීවනය සඳහා මඟපෙන්වීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මෙම ආගමික වැඩසටහන සංවිධානය කරන ලදී.
1 වන බලකායේ බලකාධිපති සහ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ අධීක්ෂණය මත පිරිස් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
1 වන බලකා මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදන ඒකකයන්හි භටපිරිස් විසින් මෙම පුණ්‍ය වැඩසටහන සඳහා අවශ්‍ය දායකත්වය ලබාදුන්හ.
බළන්ගොඩ සීලසමාහිත ආරණ්‍ය සේනාසනයේ ‘අමා දොර විවර විය’ සදහම් පදනමේ නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක පූජ්‍ය බලංගොඩ රාධ හිමිපාණන් විසින් මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබූ අතර එහිදි දිවංගත සියලුම රණවිරුවන් සහ සේවයේ නියුතු රණවිරුවන් වෙත පිං අනුමෝදන් කළේය.
මෙම පුණ්‍ය වැඩසටහන සඳහා 1 වන බලකා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි බ්‍රිගේඩියර් ඩබ්ලිව්.පී.ඩබ්ලිව්.සී. පෙරේරා එල්එස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.