Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th February 2025 15:20:59 Hours

1 බලකායේ භටපිරිස් සඳහා ‘තෘප්තිමත් හා නිර්භීත හමුදාවක්’ යන මැයෙන් දේශනයක්

භටපිරිස්හි චිත්ත ධෛර්යය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් 1 බලකායේ බලකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 2025 පෙබරවාරි මස 25 දින එම බලකායේ නෙළුම් පියස සම්මන්ත්‍රණ ශාලාවේදී දේශන මාලාවක් පැවැත්විණි.

එම දේශන මාලාවේදී රණවිරුවා සඟරාවේ ප්‍රධාන සංස්කාරක සහ ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධ‍ාරි 1 ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් ‘තෘප්තිමත් හා නිර්භීත හමුදාවක්’ යන මැයෙන් දේශනයක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වූහ.