Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2020 16:06:44 Hours

“රැඳවියන්ට අවශ්‍ය සියළු පහසුකම් ලබා දී ‘කොවීඩ් - 19’ නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව ඉටු කිරීමට යුද්ධ හමුදාව සූදානමින්” - ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

‘ශ්‍රී ලංකාව තුළ මාරාන්තික ‘කොවීඩ් - 19’ වෛරසය පැතිරීම වැළැක්වීමේ සටනේ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ සියළු පහසුකම් සහ අනෙකුත් වරප්‍රසාද කැප කිරීමට සූදානම් බව බ්‍රහස්පතින්දා (12) දින සන්ධ්‍යාවේ ‘දෙරණ’ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ‘අළුත් පාර්ලිමේන්තුව’ රූපවාහිනි වැඩසටහනේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

‘වනාන්තරවල ගස්, ගල් යට නිදා සිටි අතීතයක් තිබූ යුද්ධ හමුදාවට ශ්‍රී ලංකා ජාතියට හදිසි තර්ජනයක් එල්ල වී ඇති මෙවන් අවස්ථාවක ඕනෑම කැප කිරීමක් කිරීම අපහසු ක්‍රියාවක් නොවන බව ද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී සිහිපත් කරනු ලැබීය.

“අපේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් භාවිතා කරනු ලබන ඇඳන් 2000 ක්, මෙට්ට 4000 ක්, කොට්ට 4000 ක් සහ ඇඳ ඇතිරිලි එම වැඩිදියුණු කරන ලද නිරෝධායන මධ්‍යස්ථාන වෙත ලබා දී තිබෙනවා. අපි භාගෙට කපන ලද ප්ලාස්ටික් බෝතල්වලට දමා කෝපි පිරිනමන හමුදාවක් නොවේ. අපගේ කුඩා ආර්ථිකය සමඟ, මෙම කෙටි කාලය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යන අපගේ ශ්‍රී ලාංකික රැඳවියන්ට හැකි සෑම දෙයක්ම උපරිමයෙන් ලබා දීමට අපි උපරිම උත්සාහයක් දරනවා. දැන් කොට්ටයක් සමඟ නිදාගත්තත්, අපි දින ගණන්, සති ගණන් ගස් හා ගල් යට කැලෑවල නිදා සිටි හමුදාවක් ” යනුවෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

“අපි සෑම විටම ඔබට ඇත්ත කියන්නෙමු. ඔබ අප ගැන තබන විශ්වාසය අප කිසි විටෙකත් කඩ කර නැත. ගෝලීය තර්ජනයක් වන මෙම ජීවිත තර්ජනාත්මක වසංගතයට එරෙහිව එක් පවුලක් වශයෙන් නැගී සිටිය යුතු තීරණාත්මක අවස්ථාවකි.” යනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

‘මෙම රූපවාහිනී විශේෂාංගය අතරතුර ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාෙදේවි වන්නිආරච්චි, විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ වේගයෙන් ව්‍යප්ත වන ‘කොවිඩ් - 19’ වසංගතය පාලනය කිරීම පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානී මොහාන් සමරනායක මහතා අතර සම්මුඛ සාකච්ඡා පැවැත්විණි.

‘කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ සූදානම, නිරෝධායන ක්‍රියාවලිය, එම වසංගතය වැළැක්වීමේ පියවර සහ එය සම්ප්‍රේෂණය වැළැක්වීම සහ ව්‍යාප්තිය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම මෙන්ම එම වසංගතයට අදාළ තවත් කරුණු රැසක් පිළිබඳ අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.

“දෙරණ’ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී පටිගත කරන ලද සම්පූර්ණ වැඩසටහන පහත දක්වා ඇත. Sport media | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD