Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2023 21:38:26 Hours

‘Thunder Strike Katukurunda - 2023’ දී කෝප්‍රල් බී.අයි. මදුරංග දස්කම් දක්වයි

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘Thunder Strike Katukurunda - 2023’ තරඟාවලිය පසුගිය ඉරිදා (සැප්තැම්බර් මස 24) දින කටුකුරුන්ද ප්‍රදේශයේදී පැවති අතර එම තරඟාවලියේ Supermotard 250/450 cc විවෘත කාණ්ඩය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් බී.අයි. මදුරංග ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්විය‍.

ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන තරඟකරුවන් සහ දිවයිනේ විවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කරන ධාවකයින් 60 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කටුකුරුන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවති මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව නියෝජනය කරමින් කෝප්‍රල් බී.අයි. මදුරංග තරඟවැදිණි.