Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th September 2023 19:20:49 Hours

‘Ride with Pride’ සුහද පාපැදි සවාරිය සාර්ථකව අවසන්

දෙවුන්දර තුඩුවෙන් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 29) දින ආරම්භ වූ ‘Ride with Pride’ සුහද පාපැදි සවාරිය කිලෝමීටර් 582 ක දුරක් ගෙවා සැප්තැම්බර් මස 03 දින පේදුරුතුඩුවෙන් සමාප්තිය සනිටුහන් කෙරිණි.

උතුරු දකුණු මිත්‍රත්වයේ බැඳීම විදහා දක්වන මෙම පාපැදි සවාරිය යුද්ධ හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තෙපලක් වන මේජර් ජෙනරල් එස්.ආර්. බාලසූරිය (විශ්‍රාමික) යූඑස්පී, මේජර් ජෙනරල් කේ.පී.එස්. ප්‍රේමලාල් (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ කර්නල් ඩබ්ලිව්.එන්.පී.එස්.කේ. පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.

‘Ride with Pride’ සුහඳ පාපැදි සවාරිය ගාල්ල, අලුත්ගම, කොළඹ, මීගමුව, පුත්තලම, මැදවච්චිය, වවුනියාව, කිලිනොච්චිය සහ අලිමංකඩ හරහා පැමිණ දින 06 කින් පසුව පේදුරුතුඩුවට ළඟාවීය.

යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරන සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් විවිධ වූ ගමනාන්තවලදී මෙම පාපැදි සවාරිය සඳහා එක්වෙමින් ඔවුන් දිරිමත් කළහ.