02nd November 2023 20:35:02 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය එක්ව සංවිධානය කරන ලද ‘Cavalry Supercross – 2023’ ධාවන තරඟය පාන්ගොල්ල ‘Cavalry Supercross’ ධාවන පථයේදී ත්‍රිවිධ හමුදාවේ, ක්‍රීඩා සමාජවල සහ විදේශීය ධාවකයින්ගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 28 සහ 29 යන දිනයන්හිදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ ධාවකයින්ගේ සංගමය එක්ව මෙම තරඟය සංවිධානය කරන ලදී.
ධාවන තරගයේ මෝටර් රථ සහ යතුරුපැදි ඉසව් 24 පැවැත් වූ අතර, ඉන් යතුරුපැදි ඉසව් තරඟ 15 ක ජය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ධාවකයින් විසින් හිමිකර ගත්හ.
‘Cavalry Supercross – 2023’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි සහභාගී විය.
‘Cavalry Supercross – 2023’ තරඟාවලියේදී SM - Super Mortard 250/450 cc විවෘත ඉසව්වෙන් (Race 1 and 2) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් බී.අයි මධුරංග සහ MX - Standard 250cc ඉසව්වෙන් යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ කුමාරසිංහ ජයග්‍රණ හිමිකර ගත්හ. MX-Standards 125cc හා MX-Standards 250 cc (Race 1) ඉසව්වෙන් දෙවන සහ තෙවන ස්ථානයන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාකෝ එච්.එම්.එස් ගයාන් සහ SM - Super Mortared 250/450 cc විවෘත ඉසව්වේ (Race 1) තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ඒ.ඒ.එල්.එන් අධිකාරි හිමිකර ගත්හ.
ක්‍රීඩා තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ ධාවකයින්ගේ සංගමයේ නිලධාරීන් සහ ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් සහභාගී වූහ. .