Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd November 2024 08:04:01 Hours

‘B’ ඛාණ්ඩයේ T20 ක්‍රිකට් තරඟාවලිය - 2024, හි අනුශූරතාවය යුද්ධ හමුදා කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘B’ කාණ්ඩයේ T20 ක්‍රිකට් තරඟාවලිය - 2024, හි අනුශූරතාවය හිමිකර ගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වැදුණි.

පළමු වටයේදී යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය, මොරටුව ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, මැලේ ක්‍රීඩා සමාජය, මහනුවර ක්‍රිකට් සමාජය, සහ දකුණු එක්සත් ක්‍රිකට් සමාජය යන කණ්ඩායම් සමගින් තරඟ වැදුණු අතර, අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසුව යුද්ධ හමුදා කණ්ඩායම ආදි ධර්මපාලයිය ක්‍රීඩා සමාජ කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් මැලේ ක්‍රීඩා සමාජ කණ්ඩායම සමඟින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.

අවසන් මහා තරඟය 2024 නොවැම්බර් මස 17 දින කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණ අතර, යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 150ක ලබා ගැනීමට සමත් විය. අනතුරුව, මැලේ ක්‍රීඩා සමාජ කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 154 ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමිකර ගත්හ.

තරඟාවලියේ විශිෂ්ඨ දස්කම් දක්වමින් කෝප්‍රල් කේ.ජී.බී චන්ද්‍රබෝස් කඩුලු 11ක් ලබා ගනිමින් තරඟාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස තේරීපත් විය.