Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd May 2024 18:20:33 Hours

‘79 වන ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය’ ටැන්සානියාවේදී පැවැත්වේ

‘79 වන ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය’ 2024 මැයි මස 12 සිට 19 දින දක්වා කාලය තුළ ටැන්සානියාවේ ඩාර් එස් සලාම් (Dar es Salaam) හිදී සාමාජික රටවල් 140 ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ නියෝජනය කරමින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.ඒ.ටී. ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පි ආර්එස්පී සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වූහ.

මෙම උත්සවය අතරතුරදී, ලබන වසරේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට නියමිත 80 වන CISM කවුන්සිලය සම්බන්ධයෙන් CISM හි සභාපති කර්නල් නිල්ටන් ගෝමස් රොලිම් ෆිල්හෝ (Colonel Nilton Gomes Rolim Filho) සහ බ්‍රිගේඩියර් ජී.ඒ.ටී. ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පි ආර්එස්පී අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි.

මෙම අවස්ථාව ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා ක්‍රීඩා කවුන්සිලයේ ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබයි.