Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2024 06:38:19 Hours

‘2nd Belt & Road Athletic Invitation Meet’ තරඟාවලියේදී මාණ්ඩලික සැරයන් එස්.ඒ. දර්ශන රන් පදක්කමක් දිනාගනී

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් එස්.ඒ. දර්ශන චීනයේ පැවති 2024 ‘2nd Belt & Road Athletic Invitation Meet’ තරඟාවලියේ මීටර් 400 ධාවන ඉසව්ව තත්පර 45.48 ක කාලසීමාවක් තුළ අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනාගත්තේය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සුදුසුකම් ලබන අතර ඔහුගේ දක්‍ෂතාවයන් තුළින් පැරීසියේ ශ්‍රේණිගත කිරීමේ තරඟාවලියේ 51 වන ස්ථානය හිමිකරගැනීමට මාණ්ඩලික සැරයන් එස්.ඒ. දර්ශන සමත්විය. 2024 මැයි මස 25 දින ආරම්භ වූ මෙම තරඟාවලිය 2024 මැයි මස 30 දින අවසන් වේ.

(වීඩියෝ සහ ඡායාරූප සඳහා - www.ceylonathlatics.com)