16th October 2023 21:48:48 Hours
‘22 පාබල සේනාංක වොලිබෝල් අභියෝගතා කුසලානය - 2023’ හි අවසන් මහා තරඟය පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 10) දින කන්තලේ, සීනිපුර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා වොලිබෝල් පිටියේදී පැවැත්විණි.
තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහභාගී විය.
දින තුනක් පුරාවට පැවති තරඟාවලිය සඳහා 22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 221, 222 සහ 223 පාබල බලසේනාවන්ට අයත් 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 15 ශ්‍රී ලංකා පාබල හමුදාව, 20 ගජබා රෙජිමේන්තුව සහ 9 විජයබාහු පාබල රෙජිමේන්තුව නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම් සහභාගී වූහ.
තරඟාවලිය සමාප්තියේ 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා වොලිබෝල් කණ්ඩායමට එරෙහිව 3 – 2 ක් වශයෙන් ‘22 පාබල සේනාංක වොලිබෝල් අභියෝගතා කුසලානය - 2023’ හි ශූරතාවය දිනාගැනීමට 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා වොලිබෝල් කණ්ඩායම සමත්වූහ.
තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා 22 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.කේ.එස්. පැරකුම් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී, 222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.එස්.එස්. ඩයස් ආර්එස්පී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.