Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2025 09:51:47 Hours

‘2025 අන්තර් රෙජිමේන්තු පිරිමි සෙපැක්ටැක්රෝ ශූරතාවලිය’ සාර්ථකව අවසන්

යුද්ධ හමුදා පාපන්දු කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ ‘2025 අන්තර් රෙජිමේන්තු පිරිමි සෙපැක්ටැක්රෝ ශූරතාවලිය’ 2025 මාර්තු මස 07 දින පනාගොඩ, ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී රෙජිමේන්තු 13 ක සහභාගිත්වයෙන් පැවැත්විණි.

තියුණු තරඟයකින් අනතුරුව, අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සෙපැක්ටැක්රෝ කණ්ඩායම පරාජය කරමින් විජයබාහු පාබල රෙජිමේන්තු සෙපැක්ටැක්රෝ කණ්ඩායම විසින් සමස්ත ශූරතාවය දිනාගන්නා ලදී.

යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG ගේ මඟපෙන්වීම මත මෙම තරඟාවලිය පැවැත්විණි.