24th September 2024 16:13:05 Hours
‘2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලිය’ 2024 සැප්තැම්බර් මස 18 සිට 24 දින දක්වා කාලය තුළ තායිලන්තයේ බැංකොක් නුවරදී රටවල් 15 ක තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් මෙම තරඟයේදී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගනිමින් තරඟාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූහ.
පහත නම් සඳහන් ක්‍රීඩකයින් තරඟාවලියේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූහ:
• 4 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කෝප්රල් ඩබ්ලිව්.ඒ.ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න - රිදී පදක්කම
• 4 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්රල් එච්.එම්.ඩී.ඒ. හේරත් - රිදී පදක්කම
• 5 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාන්‍ය සෙබළ එම්.ඒ.එම්. මාර්කෝ - රිදී පදක්කම
• 10 ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබළ ඩී.ජී.සී.එල්. ජයසුන්දර - ලෝකඩ පදක්කම
• 4 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාන්‍ය සෙබළ කේ.එම්.එස්.එල්.බී. පහත්කුඹුර - ලෝකඩ පදක්කම