28th November 2023 09:32:46 Hours
‘2023 එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂණ පාඨමාලා අංක - 02’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය කුකුළේගඟ ප්‍රදේශයේ ස්ථාපිත සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 24 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2023 නොවැම්බර් මස 06 දින ආරම්භ කෙරුණූ ‘2023 එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂණ පාඨමාලා අංක - 02’ 2023 නොවැම්බර් මස 24 දින දක්වා පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ GPOI ආයතනය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසියේ ශිෂ්‍ය නිලධාරීන් 30 දෙනෙකු සහභාගී වූහ.
එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂකයෙකු විසින් ඉටුකළයුතු ප්‍රධාන වගකීම් පිළිබඳව අවධානය යොමුකරමින් ක්‍රියාත්මක කෙරුණු මෙම පාඨමාලාවේ විෂය මාලාව එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශයන්ට අනුකූලව සකස් කෙරිණි.
පාඨමාලාව සමාප්තියේ සහභාගි වූවන් එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂකයින් සතු දැනුම, කුසලතා සහ ගුණාංගවල පරිපූර්ණ නිපුණත්වය ලබාගත්හ. නේපාල යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල් රාජු මහර්ජන් (Lieutenant Colonel Raju Maharjan) සහ මේජර් ඩර්බා කාර්කි (Major Durba Karki) යන GPOI ආයතනයේ නිලධාරින් දෙපළකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පාඨමාලාවේදී අභ්‍යන්තර උපදේශක ලුතිනන් කර්නල් පී.ඩබ්ලිව්. කරුණාරත්න ආර්එස්පී යූඑස්පී විසින් භූමියේ සැබෑ අත්දැකීම් සහිත හමුදා නිරීක්‍ෂක රාජකාරි පිළිබඳව ශිෂ්‍ය නිලධාරීන් දැනුවත් කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.