24th December 2023 21:06:54 Hours
ජාතික කඹ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘19 වන ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය - 2023’ පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවති අතර එම තරඟාවලිය සඳහා ප්‍රමුඛ පෙළේ කඹ ඇදීමේ කණ්ඩායම් 20 ක් සහභාගී වූහ.
යුද්ධ හමුදාව නියෝජනය කරමින් තරඟාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම් 7 න් කණ්ඩායම් හයක් විවිධ කාණ්ඩයන් නියෝජනය කරමින් ශූරතා දිනාගත් අතර තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට ද යුද්ධ හමුදාව සමත්විය.
62 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කඹ ඇදීමේ කමිටුවේ සම්බන්ධීකරණ නිලධාරී සහ 15 ඩ්‍රෝන රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරඟාවලිය සඳහා සාර්ථකව මුහුණ දී ජයග්‍රහණ හිමිකරගැනීමට සමත්වූහ.
තරඟාවලියේ පහත කාණ්ඩයන්ගෙන් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන් ජයග්‍රහණ හිමිකරගත්හ:
සමස්ථ ශූරතාවය
කිලෝග්‍රෑම් 640 (ජ්‍යෙෂ්ඨ පිරිමි කාණ්ඩය) - ශූරතාවය
කිලෝග්‍රෑම් 560 (ජ්‍යෙෂ්ඨ කාන්තා කාණ්ඩය) - ශූරතාවය
23 පහළ කාන්තා කාණ්ඩය - ශූරතාවය
23 පහළ පිරිමි කාණ්ඩය - ශූරතාවය
විවෘත පිරිමි කාණ්ඩය - ශූරතාවය
විවෘත කාන්තා කාණ්ඩය - ශූරතාවය