Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th July 2024 16:23:10 Hours

‘සීෂෙල්ස් නිදහස් දින බොක්සිං තරඟාවලියේදී’ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි

‘සීෂෙල්ස් නිදහස් දින බොක්සිං තරඟාවලිය’ 2024 ජූනි මස 16 සිට 26 දින දක්වා සීෂෙල්ස් රාජ්‍යයේදී පැවති අතර ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ දස්කම් දැක්වූහ.

කිලෝග්‍රෑම් 67 බර පන්තිය නියෝජනය කරමින් මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.එස්.පී.එස්. ප්‍රනාන්දු තරඟාවලිය පුරාවටම දස්කම් දක්වමින් රන් පදක්කමක් දිනාගැනීමට සමත්විය. එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සැරයන් කේ.ජී.සී. පද්මසිරි කිලෝග්‍රෑම් 75 බර පන්තිය නියෝජනය කරමින් රිදී පදක්කමක් දිනාගනිමින් ජාත්‍යන්තර තලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බැබළවීය.