Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th July 2019 15:12:18 Hours

‘සීදුව සකුරා’ සංගීත කණ්ඩායම යාපනයේ සිවිල් වැසියන් විනෝදාස්වාදයට පත් කරයි

යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන් හා යුද්ධ හමුදා සාමාජිකයින් අතර සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත උතුරු ඉදිරි නඩත්තු පෙදෙස යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඉකුත් සිකුරාදා (12) දින යාපනයේ දී දැවැන්ත සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත උතුරු ඉදිරි නඩත්තු පෙදෙස යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කරනු ලැබූ මෙම දැවැන්ත සංගීත ප්‍රසංගය යාපනය කොටුව ඉදිරිපිට පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් සහ නර්තන කණ්ඩායම් ‘සීදුව සකුරා’ සංගීත කණ්ඩායමත් සමඟ එක්ව ප්‍රසංගය නැරඹීම සඳහා පැමිණි සිවිල් වැසියන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විනෝදාස්වාදයට පත් කළහ. පසුදා පහන් වනතුරු පැවැති මෙම දැවැන්ත සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා උතුරු පළාත් අණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන් විශාල පිරිසක් ද සහභාගී වූහ. Sportswear Design | Ανδρικά Nike