Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
07th May 2016 17:44:34 Hours
‘සවිබල’ විශේෂ ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරයි
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමුකළ යෝජනාවකට අනුව විශේෂයෙන්ම යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන්ම ප්‍රතිලාභ රැසක් ලබාදෙන විශේෂ ඉතිරි කිරිමේ ගිණුමක් අද (06) දින යුද හමුදා මූලස්ථානයේ දී හඳුන්වාදුන් අතර, එය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ව්‍යාපෘතියකි. ‘සවිබල’ නමින් හඳුන්වාදුන් මෙම ගිණුම තැන්පතු ක්‍රමවේද දෙකකට අනුව විශේෂ පස් අවුරුදු ඉතුරුම් ගිණුමක් ලෙස 2016 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර ඇත. මෙහි මුලික තැන්පතුව රුපියල් 1000 ක් වන අතර, ගිණුමේ කල්පිරිමේ වටිනාකමට සමාන රුපියල් ලක්ෂ 05 ක් දක්වා වන රක්ෂණ ආවරනයක් ලබාදෙයි. තවද, මීට අමතරව විශේෂ සහන පොලියට පුද්ගලික ණය ද, දරුවන් වෙනුවෙන් ‘හපන්’ ළමා ඉතිරි කිරිමේ ගිණුමක් ද මෙමඟින් හඳුන්වා දී ඇත. තැන්පතු ක්‍රමවේදය 1 යටතේ යුද හමුදා සාමාජිකයෙකු සෑම මසකම රුපියල් 1000 බැගින් තැන්පත් කළ විට වසර 05 අවසානයේ පොලීයත් සමඟින් ඔහු වෙත රුපියල් 72,980 ක මුදලක් හිමි වේ. තැන්පතු ක්‍රමවේදය 2 යටතේ වසර 05 අවසානයේ දී රුපියල් 180,000ක් තැන්පත් කර ඇති අතර, පොලියත් සමඟින් ඔහු වෙත රුපියල් 208,054 ක මුදලක් ලබාගත හැක. සිකුරාදා දින යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේ දී දියතලාව, ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ කෙඩෙට් නිලධාරීන් 05 දෙනෙකු සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කෙඩෙට් නිලධාරීන් 05 දෙනෙකු මෙන්ම පුත්තලම ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ ආධුනික සෙබලුන් 10 දෙනෙකු වෙත සංකේතාත්මකව ‘සවිබල’ ඉතිරි කිරිමේ පොත් 20 ක් මෙහිදි ප්‍රදානය කරන ලදි. සභාපති අශ්වින් ද සිල්වා මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී ස්.ඩි.එන්. පෙරේරා මහතා ප්‍රමුඛ ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මෙම උත්සව සභාව අමතමින් දිගුකාලීන ප්‍රතිලාභ ලබාදෙන මෙම ඉතිරි කිරීමේ ක්‍රමවේදය යුද හමුදා සාමාජිකයන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා ක්‍රියාත්මක කරන බව අවධාරනය කරන ලදි. තවද මෙහිදි ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ නිලධාරීන් මෙන්ම යුද හමුදා මුලස්ථානයේ සුබසාධක අධ්‍යක්ෂතුමා ද උත්සව සභාව ඇමතුහ.
Running sport media
|
Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals