Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th September 2023 20:52:24 Hours

‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා මළල ක්‍රීඩා තරඟාවලිය - 2023’ සාර්ථකව අවසන්

‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා මළල ක්‍රීඩා තරඟාවලිය - 2023’ යුද්ධ හමුදා ස්වෙච්ඡා ඒකකයන්හි ක්‍රීඩකයින් 342 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 79 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2023 සැප්තැම්බර් මස 19 දින දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මෙම තරඟාවලිය සංවිධානය කෙරිණී.

අනාගතයේදී මළල ක්‍රීඩාව තුලින් දස්කම් දක්වමින් යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළඹවීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ගේ මඟපෙන්වීම යටතේ මෙම තරඟාවලිය ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී සහභාගී විය.

තරඟාවලියේදී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රිඩිකාවන් පහතින් දැක්වේ: