Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st October 2024 10:57:47 Hours

‘විශේෂ බලකා මූලික පුහුණු පාඨමාලා අංක - 55’ සාර්ථකව අවසන්

‘විශේෂ බලකා මූලික පුහුණු පාඨමාලා අංක - 55’ හි සමාප්ති උත්සවය 2024 සැප්තැම්බර් මස 28 දින මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්විණි.

යුද්ධ හමුදා නිලධාරින් 6 දෙනෙකු සහ කොමිෂන් නොලත් නිලධාරීන් 127 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම පාඨමාලාව 2024 මාර්තු මස 04 දින ආරම්භ කෙරිණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.

මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.