Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th January 2016 13:06:19 Hours

‘විරුසර’ වරපසාද කාඩ්පත පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කරයි

ගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතිව ගරු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මියගිය රණවිරුවන්ගේ පවුල්වලට හා ආබාධිත රණවිරුවන් සඳහා ලබාදීමට නියමිත ‘විරුසර’ වරප්‍ර‍සාද කාඩ්පත සම්බන්ධ ‍ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුම සඳුදා (11) උදෑසන ආරක්ෂක අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා සහ රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනි උපුලංගනි මාලගමුව මහත්මිය අතර අත්සන් කරන ලදි. මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘ ගරු රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාවට ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමා‍ත්‍යාශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, පොලිස්පති එන්.කේ. ඉලංගකොන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා, ප්‍රතිලාභ සපයන නියෝජිතයින්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, හමුදා මාධ්‍ය ප්‍රකාශක, යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, මාධ්‍ය ආයතනවල සාමාජිකයින් සහ තවත් ආරාධිතයින් ද සහභාගි වූහ. එහි දී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කිත්සිරි මහතා මෙම විරුසර ව්‍යාපෘතිය පිළිබඳ හඳුන්වාදීමෙන් අනතුරුව මේ සඳහා අනුග්‍රාහකත්වය දරන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සහ රණවිරු සේවා අධිකාරිය අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබීය. ඉන් අනතුරුව රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනි මාලගමුව මහත්මිය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා ද මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කලහ. ගරු ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදයෙන් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත රණවිරුවන්ගේ අසමසම දායකත්වය ඇගයීමටත් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සුබසිද්ධිය ප්‍රවර්ධනය කිරීමේ අභිලාෂයෙන් සහනදායී සේවා ලබාදීමටත් නියමිත අතර, මෙම වරප්‍ර‍සාදපත යටතේ රාජ්‍ය හා පෞද්ගලික රෝහල්, දුරකතන හා අන්තර්ජාල පහසුකම්, පරිගණක දත්ත සමාගම්, දුම්රිය සේවා පහසුකම්, ලීසිං මූල්ය් පහසුකම්, ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ අලෙවිසැල්, රාජ්‍ය ඔසුසල්, පුද්ගලික අධ්‍යාපන ආයතන, රූපවාහිනී සැටලයිට් නාලිකා, පොදු ප්‍රවාහන සේවාවන්, වෘත්තීය පුහුණු ආයතන පුහුණු පහසුකම්, ගුවන් ගමන් බලපත්‍ර ‍මිල දී ගැනීම් ඇතුළු විවිධ අංශවලින් බඩු භාණ්ඩ ලබාගැනීමේ දී සුවිශේෂ ප්‍රතිලාභ සහ සැලකිය යුතු වට්ටම් මෙන්ම සේවා ප්‍රමුඛත්වය ද ප්‍රදානය කරනු ලබයි. මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියරේ දී දිවයිනේ ප්‍රධාන පෙළේ වාණිජ ආයතන, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, රෝහල් වැනි ආයතන 45 ක් විසින් එවැනි ප්‍රතිලාභ සහ වට්ටම් ප්‍රදානය කිරීම ජනවාරි 25 දින ගරු ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ‘විරුසර’ කාඩිපත හඳුන්වාදීමේ උත්සවයත් සමගම ආරම්භ කිරීමට නියමිතය. මෙම ‘විරුසර’ කාඩ්පත මගින් ප්‍රථම අදියරේ දී රණවිරු පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ලකෂ තුනක පමණ පිරිසකට එම ‍ප්‍රතිලාභ හිමිවන අතර, රජයේ රෝහල්, බැංකු, බස්රථවල ගමන් කිරීමේ දී හා දුම්රිය ගමනාගමනයේ දී ආදී විවිධ සේවා සැපයීම්වල දී පෝලිම්වල රැදී නොසිට ‍ප්‍රමුඛතා මත එම සේවා ලබාගැනීමට පහසුවෙන් හැකිවන පරිදි ඔවුනට විශේෂ පිළිගැනීමක් ලබාදීමට ද කටයුතු සකසා ඇත. එමෙන්ම මෙම වරප්‍රසාද කාඩ්පත එළිදැක්වීමේ උත්සව අවස්ථාවට සමගාමීව උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි යුද්ධයෙන් පීඩාවට පත් අසරණ පවුල්වල සහ රණවිරු පවුල්වල සිසු දරුවන් 100 දෙනෙක් සඳහා එක් අයකුට රුපියල් 50,000 ක් බැගින් වටිනා වූ ශිෂ්‍යත්වද එදින පිරිනැමීමට සැලසුම් කර ඇත.bridge media | Nike