22nd June 2023 21:43:59 Hours
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය බදාදා (ජුනි මස 14) දින ‘විගණන දෝෂ අවම කිරීම’ මැයෙන් නිලධාරින් වෙනුවෙන් හරවත් දේශනයන් පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ද සහභාගී විය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත අයවැය සහ මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී විසින් මෙම අධ්‍යාපනික සැසිය සංවිධානය කරනු ලැබීය.
මෙම වැඩසටහන ජාතික විගණන කාර්යාලයේ නියෝජ්‍ය විගණකාධිපති එස්.ටී.බී. රත්නායක මහතා විසින් මෙහෙයවනු ලැබීය. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්වී එන්ඩීයූ, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මාර්ගගත තාක්ෂණය ඔස්සේද අනෙකුත් යුද්ධ හමුදා ඒකකයන්හි නිලධාරින් මෙම දේශනය සඳහා සහභාගී වූහ.