09th October 2024 17:50:26 Hours
‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් ශූරතාවලිය - 2024’ තරඟාවලිය ඔක්තෝම්බර් මස 07 දින පනාගොඩ ස්කොෂ් පිටියේදී පැවැත්විණි. යුද්ධ හමුදා රෙජිමේන්තු 13 ක ක්‍රීඩකයන් ඉසව් 12 ක් නියෝජනය කරමින් තරඟාවලියේදී සුවිශේෂී දක්‍ෂතා එළිදැක්වූහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ සුරතින් තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය.
තියුණු තරඟයකින් අනතුරුව විවෘත කණ්ඩායම් ශූරතාවලියේ ජයග්‍රහණය හිමිකරගැනීමට ගජබා රෙජිමේන්තුව සමත් වූ අතර ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවට අනුශූරතාවය හිමිවිය. කාන්තා අංශයේ විවෘත කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායටත් අනුශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායටත් හිමිවිය.
තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
තරඟාවලියේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් සහ කණ්ඩායම් පහතින් දැක්වේ:
පිරිමි ආධුනික තරඟය
- ප්‍රථම ස්ථානය : ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල එස්.එම්.ඩී.එල්. සුරවීර
- දෙවන ස්ථානය : විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.ජී.ආර්.එල්. සඳරුවන්
කාන්තා ආධුනික තරඟය
- ප්‍රථම ස්ථානය : ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඉංජිනේරු සෙබළ එම්.එම්. ප්‍රබෝධිනි
- දෙවන ස්ථානය : ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඉංජිනේරු සෙබළ ජේ.කේ.ආර්. සමන්තිකා
නිලධාරි විවෘත තරඟය
- ප්‍රථම ස්ථානය : ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කපිතන් එල්.ඊ.එස්. ලියනගමගේ
- දෙවන ස්ථානය : විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතන් ජේ.ඒ. කරුණාරත්න යූඑස්පී
නිලධාරි කාන්තා විවෘත
- ප්‍රථම ස්ථානය : ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කපිතන් එච්.එම්. අබේරත්න
- දෙවන ස්ථානය : කාන්තා කෙඩෙට් නිලධාරිනි එම්.ජී. අබේරත්න
විවෘත පිරිමි තරඟය
- ප්‍රථම ස්ථානය : ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එස්.එන්. ඩැනියෙල්
- දෙවන ස්ථානය : ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.එස්.එල්.කේ. ඒකනායක
විවෘත කාන්තා තරඟය
- ප්‍රථම ස්ථානය : කාන්තා කෙඩෙට් නිලධාරිනි එම්.ජී. අබේරත්න
- දෙවන ස්ථානය : ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කපිතන් එච්.එම්. අබේරත්න
35 ට වැඩි තරඟය
- ප්‍රථම ස්ථානය : ශ්‍රී ලංකා පාබල හමුදාවේ සැරයන් ඩී.එම්.ආර්. දිසානායක
- දෙවන ස්ථානය : ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ආර්.යූ.එම්. රාජපක්‍ෂ
45 ට වැඩි තරඟය
- ප්‍රථම ස්ථානය : විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතන් ජේ.ඒ. කරුණාරත්න යූඑස්පී
- දෙවන ස්ථානය : මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සි
50 ට වැඩි
- ප්‍රථම ස්ථානය : මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සි
- දෙවන ස්ථානය : ගජබා රෙජිමේන්තුවේ කපිතන් ඩබ්ලිව්.ඒ. සිල්වා
පිරිමි ආධුනික කණ්ඩායම
- ප්‍රථම ස්ථානය : ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
- දෙවන ස්ථානය : ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය