24th December 2024 18:44:20 Hours
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය සහ යුද්ධ හමුදා නීති සේවා සහ මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලය එක්ව පවත්වනු ලැබූ , මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය පිළිබඳ උසස් පාඨමාලා - අංක 29 (සෙසුනිල), 2024 දෙසැම්බර් මස 23 දින සාර්ථකව අවසන් කළේය.
2024 නොවැම්බර් මස 27 දින සිට දෙසැම්බර් මස 23 දින දක්වා පවත්වන ලද මෙම පාඨමාලාව මගින් එයට සහභාගී වූවන්ගේ මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය පිළිබඳ දැනුම වැඩි දියුණු කරන ලදී. මෙම පාඨමාලාවේ පළමු ස්ථානය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ලාන්ස් කෝප්රල් එච්.ඩී.සී. සඳකැලුම් හිමිකර ගත්තේය.
පාඨමාලාවේ අවසන් දින සමාප්ති දේශනය කර්නල් නීති සේවා කර්නල් කේ.ඒ.පී. කුරුප්පු යූඑස්පී පැවැත්වූ අතර, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.කේ.එල්.ඒ. ද සිල්වා ආර්එස්පී යූඑස්පී පීඑස්සී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකයින් ද සහභාගී වූහ.